නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 01 මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 04 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

02 Jun 2019

නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් පොල්වත්ත ගඟට පැන සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනේ

වැලිගම, අකුරැස්ස මාර්ගයේ දෙනිපිටිය මහ පාලම අසලින් පොල්වත්ත ගඟට පැන සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කරුවන් සමත් විය.

01 Jun 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘විඡයබා’ ආයතනය සිය 22 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘විඡයබා’ ආයතනයේ 22 වන සංවත්සරය අද (ජුනි 01) අභිමානවත් ලෙස සමරන ලදි.

01 Jun 2019

නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූනි 01) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

01 Jun 2019

ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘සංකල්ප්’ නෞකාව ගාලු වරායට සේන්දු වෙයි

ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘සංකල්ප්’ නෞකාව අද (මැයි 31) සැපයුම් කටයුතු සඳහා ගාලු වරායට සේන්දු විය.

31 May 2019

දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

බණ්ඩාරවෙල, පනංගල වැවේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

31 May 2019

නාවික හා සාගරික විද්‍යාපීඨයට නව ටෙනිස් ක්‍රිඩාංගණයක්

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉදි කරන ලද නව ටෙනිස් ක්‍රිඩාංගණය අද (මැයි 31) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ සුරතින් විවෘත කරන ලදී.

31 May 2019

ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 30 වන දින කණුකෙටිය, හුංගම ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

31 May 2019

පොඩුවකට්ටු කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් විසින් 2019 මැයි 30 පොඩුවකට්ටු කළපු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

31 May 2019

කේරළ ගංජා ග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 29 වන දින හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

30 May 2019