පොඩුවකට්ටු කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් විසින් 2019 මැයි 30 පොඩුවකට්ටු කළපු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පොඩුවකට්ටු කළපුව ආශ්‍රිත වෙරළ ප්‍රදේශයේදී සිදු කළ පා මුර සංචාරයක් අතරතුර දී තහනම් ධීවර දැලක් ත්‍රීරෝද රථයක තබාගෙන සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එහිදී මීටර් 90 ක් දිගින්යුත් සුරුක්කු ධීවර දැලක් සහ ප්‍රවාහනය සඳහා භාවිතා කල ත්‍රීරෝද රථය නාවික හමුදා භාරයට ගෙන ඇත.

අතුඅඩංගුවට පත් පුද්ගලයා, තහනම් දැල සහ ත්‍රීරෝද රථය ඉදිරි කටයුතු සඳහා කුච්චවේලි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.