“හරිත ටීවී” දියත් කිරීමේ උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

කොළඹ හුනුපිටිය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව මගින් ආරම්භ කරන ලද “හරිත ටීවී” රූපවාහිණී නාලිකාවෙහි මංගල විකාශනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 31) උත්කර්ශවත් අයුරින් එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.

31 Mar 2021

සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

අනුරාධපුර පූජා භූමියේ ඉදි වන සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 28) මැදින් පුන් පොහෝ දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

28 Mar 2021

241 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 377 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 241 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 377 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2021 මාර්තු 27 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

28 Mar 2021

OCEANLUST විද්‍යුත් සඟරාව මගින් සංවිධානය කරන 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහන නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

OCEANLUST විද්‍යුත් සඟරාව මඟින් සංවිධානය කරන ලද 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 27) උස්වැටකෙයියාව Malima Club House උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, මෙම වැඩසටහනේදී කැළණි ගං මෝයේ සිට උතුරු දෙ‍සට විහිදෙන ස්වාභාවික කොරල් පරය සහ වෙරළ තීරය පිරිසිදු කිරීම සිදුකරන ලදි.

27 Mar 2021

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදාධිපති හමුවෙයි

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2021 මාර්තු මස 21 දින පත්වීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයේදී අද (2021 මාර්තු 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

26 Mar 2021

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 27 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් නාවික තාක්‍ෂණික ආයතනයේ සිදුකළ මුලික පුහුණුව සාර්ථකව නිමකර විසිර යාමේ පෙළපාලිය අද (2021 මාර්තු 23) දින වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් සනත් උත්පල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

23 Mar 2021

ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2021 මාර්තු මස 21 වන දිනට යෙදුනු ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, බටහිර නාවික විධානයේ පැවති එහි ප්‍රධාන වැඩසටහන සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 21 වන දින වැලිසර, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

22 Mar 2021

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

22 Mar 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සිය වසර 36 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 මාර්තු 21) දින විශ්‍රාම යන ලදී.

21 Mar 2021

නාවික හමුදාව මගින් නැවත සකස් කරන ලද පැදි යාත්‍රාවක් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත පරිත්‍යාග කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සහන සත්කාර ඒකකය (Palliative Care Unit) සඳහා පසුගිය වසරේදී ඉදිකරන ලද නව වාට්ටු සංකීර්ණයට වසරක් සපිරීම නිමිත්තෙන් එම රෝහල මඟින් සංවිධානය කරන ලද වැඩසටහනකදී එම වාට්ටු සංකීර්ණයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික සුවතාවය සඳහා නාවික හමුදාව මගින් නැවත සකස් කරන ලද පැදි යාත්‍රාවක් පරිත්‍යාග කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රදානත්වයෙන් 2021 මාර්තු 18 වන දින සිදු කෙරිණි.

20 Mar 2021