නාවික සේවයට සමුදුන් ‘වීරයා’ සහ ‘ජගතා’ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා ත්‍රිකුණාමලයේදී මුහුදුබත් කෙරේ

නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකල ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් 22 සහ 26 දින ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට කටයුතු කෙරිණි.

30 Oct 2020

ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, අද (2020 ඔක්තෝබර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න හමුවිය.

29 Oct 2020

අනුරාධපුර ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය සඳහා මුල්ගල තබයි

අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය සඳහා මුල්ගල තැබීම 2020 ඔක්තෝබර් 23 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් සිදු කරන ලදි.

26 Oct 2020

අතිගරු ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ

අනුරාධපුරය ඓතිහාසික මිහින්තලය රාජමහා විහාර පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිර‍යේ ප්‍රතිසංස්කරණ කටයුතු, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 24 පස්වරුවේ උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහභාගි විය.

25 Oct 2020

ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය - SLINEX 2020 නැගෙනහිර මුහුදේදී නිමාවට පත් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ශිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - SLINEX 2020, මෙම මස 19 වන දින සිට දින තුනක් පුරා නැගෙනහිර මුහුදේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය අද (2020 ඔක්තෝබර් 21) සාර්ථකව නිමාවට පත් විය.

21 Oct 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර හතරක් (04) ඔස්ට්‍රේලියානු රජය වෙතින් ලබා දෙයි

ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර (PCR testing machine)හතරක් (04) ලබා දීම 2020 ඔක්තෝබර් 14 වන දින කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් නිල නිවසේදී සිදු කෙරිණි.

17 Oct 2020

නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේදී නිමාවට පත් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ නීතිය බලගැන්වීමේ ආයතනයන්හි පුද්ගලයින් සඳහා නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ පාඨමාලාව 2020 ඔක්තෝබර් 09 වන දින ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත් විය.

16 Oct 2020

ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ නාවික සේවයට සමුදෙයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්විණි.

13 Oct 2020

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ නිලධාරී නිවාසය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය දකුණ සාම්පූර්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ පිහිටි නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරි නිවාසය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අද (2020 ඔක්තෝබර් 12) විවෘත කරන ලදි.

12 Oct 2020

රියර් අද්මිරාල් ලලිත් දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනි

වසර 34 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ලලිත් දිසානායක අද (2020 ඔක්තෝබර් 08) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

08 Oct 2020