නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට
 

නාවික හමුදාව විසින් සිදු කළ දැනුම්දිමකට අනුව පට්ටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 01) මාතර, ගන්දර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 Feb 2019

නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 01) කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Feb 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට
 

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීමේ උත්සවය අද (පෙබරවාරි 01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරිණි.

01 Feb 2019

‘නාවික සඟරාව’ (Navy Journal) සිව්වන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Navy Journal) සිව්වන වේළුමේ පළමු කලාපය එහි ප්‍රධාන කතෘ කපිතාන් ප්‍රසාද් කාරියප්පේරුම මහතා විසින් අද (පෙබරවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා වෙත පිළිගැන් විය.

01 Feb 2019

නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

බේරුවල, ධීවර වරායෙන් පසුගිය ජනවාරි 03 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වත්සලා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (පෙබරවාරි 01) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

01 Feb 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) කොටු කර ගැනීමට නාවික හමුදා සහය
 

නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව යාපනය, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 31) වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

01 Feb 2019