කොළඹ වරායේ රසායනික ද්‍රව්‍ය බහාලුමක් පිපිරීමෙන් ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදාව සහාය වෙයි.
 

කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේදී (JCT) ඇලුමිනියම් ෆොස්ෆයිඩ් (Aluminium Phosphide) වර්ගයේ රසායනික ද්‍රව්‍ය පිරවූ බහාලුමක් පිපිරීමෙන් හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 23) සහාය දැක්වීය.

24 Oct 2018

ගාලු කතිකාව සම්මන්ත්‍රණය සඳහා සහභාගීවූ විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධාන නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පවත්වන ලද 2018 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින විදේශීය රටවල්වල නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානවල නියෝජිතයින් ඊයේ (ඔක්තෝබර් 23) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

24 Oct 2018

සහයෝගීතාවය තුලින් සමුද්‍රිය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම සමඟින් 2018 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නව වන වසරටත් සංවිධානය කරනු ලැබූ 2018 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 23) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.

24 Oct 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 29 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 29 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

24 Oct 2018

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (ඔක්තෝබර් 22) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

23 Oct 2018

විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව වන වසරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 22) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

23 Oct 2018

ගාලු කථිකාව 09 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව වන වසරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 22) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

23 Oct 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දුනිසියානු ‍නාවික නෞකා “උස්මාන් හරුන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ඔක්තෝබර් 20 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “උස්මාන් හරුන්” නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (ඔක්තෝබර් 22) දිවයිනෙන් පිටත් විය.

23 Oct 2018

කේරළ ගංජා කිලෝග්‍රෑම් 151.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) උතුරු මුහුදේදී අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට සහ වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 22) සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 151.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

23 Oct 2018

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ක්‍රී උස්මාන් හරුන්” නෞකාව කොළඹ වරායට සේන්දු වේ
 

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී උස්මාන් හරුන්” නෞකාව ඊයේ (ඔක්තෝබර් 20) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය.

21 Oct 2018