ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (ඔක්තෝබර් 22) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘එඩිතර II’ නෞකාවට අනුයුක්ත නාවිකයින් විසින් ඩෙල්ෆ් දුපතට නාවික සැතපුම් 3.5 ක්  පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.