කකාඩු -2018 නාවික අභ්‍යාසයට සහභාගීවූ ‘සිඳුරළ’ නෞකාව දීර්ඝ මුහුදු ගමනකින් පසු යලි දිවයිනට
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU-2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය අගෝස්තු 20 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව සාර්ථක ලෙස නාවික අභ්‍යාසය නිමා කරමින් නාවික ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමනකින් පසු ඊයේ (සැප්තැම්බර් 24) දිවයිනට ලඟා වූ අතර, මෙම සංචාරය තුළ ‘සිඳුරළ’ නෞකාව නාවික සැතපුම් 6646 ක් ආවරණය කර ඇත. නෞකාව කොළඹ වරායට සේන්දුවිමෙන් පසු නාවික සම්ප්‍රදායානුකූලව වරාය පරිශ්‍රය වෙත පිළිගැනීමට කටයුතු කෙරුණි.

25 Sep 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

25 Sep 2018

අන්තර් විධාන ගොඩබිම් මෙහෙයුම් තරඟාවලියේ සමස්ථ ශුරතාව උතුරු මැද නාවික විධානය හිමිකර ගනි
 

විශේෂ මෙහෙයුම් පාඨමාලාවන් සහ මුලික ගොඩබිම් පුහුණු පාඨමාලාවන් හැදෑරූ නාවික පුද්ගලයින් ඇගයිමට ලක් කිරිමත් ඒ තුලින් ආත්ම විශ්වාසයකින් යුතුව රාජකාරි ඉටු කිරිම සඳහා වෘත්තිමය නිපුණතාවක් ඇති නිළධාරින් සහ නාවිකයින් බිහි කිරීමේ අරමුණින් දින 10 ක් පුරා පැවති මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් නිලධාරින් 14 ක් සහ නාවිකයින් 238 දෙනෙකු සහභාගී වන ලදී.

24 Sep 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය ඊයේ (සැප්තැම්බර් 21) නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී.

22 Sep 2018

විෂය කරුණු සම්බන්ධව විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ පාඨමාලාව (SMEE) සාර්ථකව නිමාවට පත්වේ
 

විෂය කරුණු සම්බන්ධව විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම (Subject matter expert Exchange) පාඨමාලාව සාර්ථකව අවසන් කළ නාවික පුද්ගලයින් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 21) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

22 Sep 2018

නාවික හමුදාවේ දායකත්වයෙන් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 21 ක් ජනතා අයිතියට
 

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ මුල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 21 ක් ජනතා අයිතියට පත් කෙරිණි.

21 Sep 2018

යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත අංගසම්පුර්ණ නව නිවසක්
 

රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන විරු සුමිතුරු පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නිවාස සහායක එස්එස් දසනායක නාවික රණවිරුවා හට අංගසම්පූර්ණ නිවසක් ඉදිකර පරිත්‍යාග කරන ලදී.

21 Sep 2018

රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (සැප්තැම්බර් 19) කටයුතු කරන ලදී.

20 Sep 2018

බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත මණ්ඩලය නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරතවේ‍
 

ශ්‍රී ලංකාවට පැමිණි බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාල දූත මණ්ඩලයේ ප්‍රධානී, රියර් අද්මිරාල් මුහම්මද් අන්වරුල් ඉස්ලාම් මහතා ඇතුළු 23 දෙනෙකුගෙන් සමන්විත දූත මණ්ඩලය ඊයේ (සැප්තැම්බර් 19) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

20 Sep 2018

67 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්‍ෂක සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 30 ට වැඩි, 67 වන ජාතික ජීවිතාරක්‍ෂක තරඟාවලයේ, සමස්ථ ශූරතාවය නාවික හමුදාව අත් කර ගනී.

19 Sep 2018