ඩයලොග් අන්තර් සමාජ රග්බි තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
 

ඩයගොල් අන්තර් සමාජ රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් කණ්ඩායම් අතර පැවති තරඟය ඊයේ (නොවැම්බර් 25) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී ලකුණු 31 ට 24 ක් වශයෙන් පොලිස් කණ්ඩායම පරාජයට පත් කරමින් නාවික හමුදා රග්බි පිල සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නා ලදී.

26 Nov 2017

හෑෂ් කිලෝග්‍රෑම් 33.425 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (නොවැම්බර් 25) රාත්‍රී තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33.425 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ‍

26 Nov 2017

මූලික සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ලද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 33 දෙ‍නෙක් විසිර යයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ කිමිදුම් පුහුණු පාසල මඟින් පවත්වන ලද මූලික සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ ත්‍රිවිධ හමුදා පුද්ගලයින් 33 දෙනෙකු ඊයේ (නොවැම්බර් 24) විසිර ගියහ.

25 Nov 2017

තහනම් පොහොර කිලෝග්‍රෑම් 710 ක් සමඟ ඉන්දීය පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 25) අළුයම මන්නාරම ප්‍රදීපාගාරයට දකුණු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් (Dhow) අත්අඩංගුවට ගන්නා ලදී.

25 Nov 2017

67 වන නාවික දිනය නිමිත්තෙන් ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් ඊයේ (නොවැම්බර් 24) කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත්විණි.

25 Nov 2017

නාවික නිලධාරීන් 10 දෙනෙකු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි ලබා ගනී
 

නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් උපාධිය හදාරන ලද නාවික නිලධාරීන් 10 දෙනෙකු පසුගිය නොවැම්බර් මස 20 වන දින කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලැබූ සිය උපාධි හිමි කර ගන්නා ලදී.

24 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 23) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය.

23 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 23) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

23 Nov 2017

කොමාණ්ඩර් තිලක් මලලගම විසින් රචිත “ක්‍රීඩා අනතුරු කළමණාකරන මාර්ගෝපදේශකය” කෘතිය එළිදැක්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේ පරිපාලන නිලධාරියෙකු වන කොමාණ්ඩර් තිලක් මලලගම මහතා විසින් රචිත “ක්‍රීඩා අනතුරු කළමණාකරන මාර්ගෝපදේශකය” (Guid to Injury Management in Sports) කෘතිය ඊයේ (නොවැම්බර් 22) දොරට වඩින ලදී.

23 Nov 2017

චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් ශි ෂොන්ගු මහතා ඇතුළු චීන ආරක්ෂක අංශ නියෝජිතයින් 56 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා අද (නොවැම්බර් 21) මෙරටට පැමිණෙන ලදි.

21 Nov 2017