නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටිය හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) එරම්බුගොඩැල්ල වෙරළ තීරය අශ්‍රිත ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 770 ක් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 2 දෙනෙකු, අත්අඩංගුවට ගන්නා ලදී.

24 Aug 2016

නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගැනේ
 

නිලාවේලි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායට අයත් නාවිකයින් විසින් ඊයේ (23) ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

24 Aug 2016

ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්තිය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
 
 

ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීමේ අරමුණින් වර්ෂ දෙකකට වරක් පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල (2016) සමාප්ත කරමින් ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රදානය කිරීම ඊයේ (22) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් විය.

23 Aug 2016

තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයේ නිලාවේලි හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22), නිලාවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 5ක් අත්අඩංගුවට ගන්නා ලදී.

23 Aug 2016

අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කල්මුණේ තුඩුව සහ මණ්ඩතිව් මුහුදු තී‍රය අතර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

23 Aug 2016

එක්සත් ජනපද නාවික ලේකම් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක
 
 

එක්සත් ජනපද නාවික ලේකම් ගරු රේ මේබස් මහතා අද (22) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක නිරත විය.

22 Aug 2016

බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේදි නාවික හමුදා කණ්ඩායම් විශිෂ්ඨ ජයග්‍රහණයන් වාර්ථා කරයි
 

ශ්‍රි ලංකා නාවික හමුදා රග්බි ‘ඒ’ පිල බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේ දි හැව්ලොක්ස් ‘ඒ’ පිල ලකුණු 32 -10 ක් ලෙස පරාජයට පත් කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කරන ලදි.

21 Aug 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (20) අයියකච්චි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

20 Aug 2016

ආපදාවට පත්ව තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 5 දෙනෙකු ගේ දිවි බේරා ගැනේ
 
 

සාගරික මුදවා ගැනිමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැනමා රාජ්‍යයට අයත් වෙළද නෞකාවක් වන “MV ඉටනිටි” නෞකාව මගින් අගොස්තු 18 වන දින කුඩා රාවණා ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 168 ක් දුරින් අනතුරට පත්ව සිටි ශ්‍රි ලංකා ධිවරයින් 5 දෙනෙකු බේරා ගන්නා ලදි.

20 Aug 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරෙයි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් පිරිසක් විසින් අද (20) මානල්කාඩු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

20 Aug 2016