බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේදි නාවික හමුදා කණ්ඩායම් විශිෂ්ඨ ජයග්‍රහණයන් වාර්ථා කරයි
 

ශ්‍රි ලංකා නාවික හමුදා රග්බි ‘ඒ’ පිල බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේ දි හැව්ලොක්ස් ‘ඒ’ පිල ලකුණු 32 -10 ක් ලෙස පරාජයට පත් කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කරන ලදි. මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ (20) පොලිස් උද්‍යාන ක්‍රීඩා පිටියේ පැවත් වු අතර, මෙහිදි කාණ්ඩාම් දෙකෙහි තියුණු තරඟයක් බලාපොරොත්තු වුවත් නාවික හමුදා රග්බි කණ්ඩායම අවසාන මහා තරඟයේ විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරිමට සමත් විය.

තරඟයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 15- 5 ලෙස ඉදිරියෙන් සිටිමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් වු අතර, තරඟයේ පාලනය සියතට ගෙන ඉදිරියට ගෙන යෑමට ඔවුන් සමත් විය. අවසන් මහා තරඟයේදි නාවික හමුදා පිලේ දිනුෂ චතුරංග, ලී කීගල් සහ නිවන්ක ප්‍රසාද් යන ක්‍රීඩකයින් තම දක්ෂතා මැනවින් ප්‍රදර්ශණය කල අතර, එය නාවික හමුදාවට මෙම තරඟාවලිය ජය ගැනිමට බෙහෙවින් ඉවහල් විය. තරඟයේ දි දිනුෂ චතුරංග උත්සාහක දිනුම් 2 ක් ද චානක චන්දිමාල් ප්‍රවර්තන දිනුම් 3 ක් වාර්ථා කිරිමට සමත් විය. මෙවර තරඟාවලිය සඳහා කාණ්ඩාම් 23 ක් සහභාගී වන ලදි. මේ අතර බඳුන ශුරතාව සඳහා පැවති තරඟයෙන් ලකුණු 29 – 5 ක් ලෙස සීඑච් ඇන්ඩ් එෆ්සී පිල පරාජය කරමින් නාවික හමුදා රග්බි ‘බී’ කණ්ඩායම ජය ලබා ගැනිමට සමත් වන ලදී.