කච්චතිව් දූප‍තේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2018
 

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් ඊයේ (පෙබරවාරි 24) අළුයම නිමාවට පත් විය.

25 Feb 2018

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 24) කල්පිටිය, කන්දක්කුලිය වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් රැගෙන යාමට සුදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමග ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

25 Feb 2018

වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් ඊයේ (පෙබරවාරි 24) විශ්‍රාම යන ලදී.

25 Feb 2018