‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ

පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවූ නාවික පුද්ගලයන්ගේ එම සුවිශේෂී ක්‍රියාව අගයා ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්‍රශංසාත්මක ලිපි ලබා දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

22 Sep 2020