අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කර යථා තත්වයට පත් කිරීමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදි.

30 Jun 2020

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2020 ජූනි මස 29 වන දින වැඩ භාර ගන්නා ලදී.

30 Jun 2020

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 29 වන දින කල්පිටිය, ජනසවිපුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලය පාවුල් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලද මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

30 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් (10) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 836ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් (10) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

30 Jun 2020