නැගෙනහිර නාවික විධානයේ සහායෙන් ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ ජල ක්‍රීඩා තරගාවලියක් පැවැත්වේ

ජල ක්‍රීඩා වෙත ඇති කැමැත්ත සහ හැකියාව ඉදිරි පරම්පරාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලයේ නාවික තඨාකාංගනයේ පිහිටි තිස්ස විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ජල ක්‍රීඩා තරගාවලියක් 2021 අප්‍රේල් මස 05 වන දින ත්‍රිකුණාමලය ඇතුල් වරායේ පෙපර්පොට් (Pepperpot) ජැටියට යාබද මුහුදු තීරයේදී පැවැත්වීම සඳහා නැගෙනහිර නාවික විධානය විසින් කටයුතු කළ අතර, මෙම තරගාවලිය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ මඟ පෙන්වීම යටතේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ නාවික ශිල්පීය පාසල විසින් සංවිධානය කෙරිණි.

07 Apr 2021