ශ්‍රී ලංනානෞ තම්මැන්නා ආයතනයේ අභිනවයෙන් ඉදි කල නව අත්පන්දු ක්‍රීඩා පිටිය විවෘත කෙරේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංනානෞ තම්මැන්නා ආයතනය තුල අභිනවයෙන් ඉදිකරන ලද නව අත්පන්දු ක්‍රීඩා පිටිය විධාන ආඥාපති විසින් 2020 අගෝස්තු මස 08 වන දින විවෘත කරන ලදි.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීමේ අරමුණින් විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංනානෞ තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් කඩිනමින් ඉදිකරන ලද මෙම අත්පන්දු ක්‍රීඩා පිටිය දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී ද ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි නවීන ආලෝක පද්ධතියකින් හා අත්පන්දු ක්‍රීඩාවේ නියමිත ප්‍රමිතීන්ට අනුව සකස් කිරීමට කටයුතු කරන ලදි. මෙම ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා ‍අත්පන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු කණ්ඩායම අතර ප්‍රදර්ශණාත්මක තරගයක් පවත්වන ලද අතර, ඒ සදහා සහභාගි වු ක්‍රීඩකයින් සදහා වටිනා ත්‍යාග සහ කුසලාන පිරිනමන ලදි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා, යුද්ධ හමුදා හා ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ප්‍රදේශයේ පාසල් හා ක්‍රීඩා කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයින් සහ ක්‍රීඩා උපදේශකයින් පිරිසක් සහභාගී වූ අතර, ක්‍රීඩා පිටියේ උසස් නිමාව එම අවස්ථාවට පැමිණ සිටි ජාතික තලයේ අත්පන්දු පුහුණුකරුවන් හා ක්‍රීඩකයන්ගේ ඉමහත් අගය කිරීමට ද ලක් විය.