රුපියල් මිලියන 71 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 237 යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2021 ජුනි14) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Jun 2021

රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ 2021 ජුනි මස 12 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

13 Jun 2021

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040 ක් සමඟ සැකකරුවන් 45ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස සිට මේ දක්වා (2021 ජුනි 05) උතුරු සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 45ක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

09 Jun 2021

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ සහ වියලි කහ සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 514 ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 70ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගැනීමට අද (2021 ජුනි මස 08) දින කටයුතු කෙරිණි.

08 Jun 2021

මුහුදේදී අසාධ්‍ය තත්වයට පත් තවත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

බේරුවලට නිරිත දෙසින් නාවික සැතපුම් 85ක් පමණ (කිලෝ මීටර් 157ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ තවත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2021 ජුනි 07) කටයුතු කරන ලදී.

07 Jun 2021

ගං වතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක්

අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත් තුළ ඇති වි තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 32ක් නාවික හමුදාව විසින් යොදවා ඇති අතර, අද දිනයේද (2021 ජුනි 07) මෙම සහන කණ්ඩායම් අඛණ්ඩව ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටියි.

07 Jun 2021

රුපියල් මිලියන 28 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නගර්කෝවිල්හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ අද (2021 ජුනි 07) දින සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Jun 2021

මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ගං වතුරෙන් විපතටපත් ජනතාවගේ නිවාස හා දේපල ආරක්‍ෂාව සඳහා නාවික හමුදා බෝට්ටු මුර සංචාර

මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පවතින ගං වතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වු ජනතාවගේ නිවාස හා දේපල වලට ආරක්‍ෂාව සැපයීම සදහා ජංගම බෝට්ටු මුර සංචාරයක් අද (2021 ජුනි 06) රාත්‍රියේ සිට යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

06 Jun 2021

MV X-PRESS PEARL නෞකාවේන් ඉන්ධන කාන්දුවක් සිදුවේදැයි පරික්‍ෂා කිරිමට නාවික හමුදා විශේෂ කිමිදුම් මෙහෙයුමක්

ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (2021 ජුනි 06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී.

06 Jun 2021

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ගං වතුරෙන් විපතටපත් තවත් පුද්ගලයන් 27දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත්ව සිටි තවත් කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 27 දෙනෙකු අද (2021 ජුනි 06) නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනීමෙන් පසු කඩිනමින් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

06 Jun 2021