නීති විරෝධී ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 29 දෙනෙකු සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 03 වන දින 1800 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ සිදුවූ පිපිරුමක් සමඟ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය සහ ඉන්දියානු නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒකාබද්ධව කටයුතු කරමින් සිටී.

04 Sep 2020

මාධ්‍ය නිවේදනය

පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇතිවී ඇති බවට ලද ආපදා සංඥාවකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ඉන්ධන නෞකාව වෙත සහන සැළසීම සඳහා හදිසි සහන සැළසීමේ නෞකා කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කිරීමට අද (2020 සැප්තැම්බර් 03) කටයුතු කරන ලදි.

03 Sep 2020

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශයන්හි 2020 සැප්තැම්බර් 02 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්පිටමයින්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

03 Sep 2020

ජාඇල ප්‍රදේශයේ යකඩ එක්රැස් කර උණු කරනු ලබන ස්ථානයක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

ජාඇල පමුණුගම ප්‍රදේශයේ යකඩ එක්රැස් කර උණු කරනු ලබන ස්ථානයක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා ගිණිනිවීමේ ඒකකය අද (2020 අගෝස්තු 31) කටයුතු කරන ලදි.

31 Aug 2020

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සහ දේශීය ගිනිඅවි අත්අඩංගුවට

නාවික හමුදාව පසුගිය සතිය තුල ස්ථාන දෙකක සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය සහ බලපත් රහිතව ළඟ තබාගෙන සිටි ගිණි අවි 03ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

31 Aug 2020

හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 අගෝස්තු මස 28 සහ 29 කඩවත සහ උඩවලව ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත්විය.

31 Aug 2020

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1428 ක තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 1428කට ආසන්න ප්‍රමාණයක් 2020 අගෝස්තු 29 වන දින නොරොච්චෝලේ ප්‍රදේශයේදී සහ කල්පිටිය වෙල්ල දූපතේදී සොයා ගැනීමට සමත් විය.

30 Aug 2020

මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 05 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක‍ දෙපාර්තමේන්තුව එක්ව 2020 අගෝස්තු 28 වන දින උතුරු මුහුදේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ 05 ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Aug 2020

නාවික හමුදා සහායෙන් හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය දින කිහිපය තුල සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

27 Aug 2020