කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නරිවිලකුලම් වෙරළ තීරයේ 2021 ඔක්තෝබර් මස 04 වන දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමායන ලද කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරයන් ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ඵුස්සදේව ආයතනය මඟින් මන්නාරම, නරිවිලකුලම් වෙරළ තීරයේ 2021 ඔක්තෝබර් මස 04 වන දින උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව වෙරළ තීරයේ අතහැර දමා යන ලද පාර්සල් 12ක අසුරන ලද කේරල ගංජා කිලෝ 45 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට හැකිවිය.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 13කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ආරක්‍ෂිතව විනාශ කිරීමට නියමිතව ඇත.