බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 26 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් 26 දෙනෙකු 2020 අප්‍රේල් 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි.

11 Apr 2020

නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල තොගයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දෙන ලදි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 අප්‍රේල් 11) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 3400ක ප්‍රමාණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදු කරන ලදි.

11 Apr 2020

මන්නාරම වට්ටකණ්ඩායි ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් උණ්ඩ හතරක් (04) නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 10 වන දින මන්නාරම වට්ටකණ්ඩායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මෝටාර් උණ්ඩ හතරක් (04) සොයා ගැනීමට සමත් විය.

11 Apr 2020

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තවත් යාත්‍රාවක් ගැඹුරු මුහු‍දේදී නාවික හමුදා අත්අඩංගුවට

2020 වසරේදී පලමු කාර්තුව තුල ගැඹුරු මුහුදේ මුර සංචාරයෙහි යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර නෞකාවන් ඉතාමත් සාර්ථක ප්‍රථිපල ගෙනදෙමින් හෙරෝයින්, අයිස් සහ කෙටමයින් යන මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද එය රැගෙන එමින් සිටි මත් ද්‍රව්‍ය ඡාවාරම් කරුවන් සහ විදේශ යාත්‍රාවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

11 Apr 2020

කේරළ ගංජා ලග තබාගත් පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 10) රැකව ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

10 Apr 2020

නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟතබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 අප්‍රේල් 10) හලාවත, විජය කටුපොත ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

10 Apr 2020

මඩකලපුව කළපු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී තහනම් දැල් 03 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 10) කොටුවමඩ ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මඩකලපුව කළපුවේ මසුන් ඇල්ලීම සඳහා එළා තිබූ තහනම් දැල් තුනක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

10 Apr 2020

නාවික හමුදාව නිශ්පාදනය කරන ලද තවත් විෂබීජහරණ කුටියක් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කෙරේ.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් අද (2020 අප්‍රේල් 10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.

10 Apr 2020

හේනමුල්ල රන්දිය උයන නිවාස සංකීර්ණයේ සහ හැඳල ප්‍රදේශයේ නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 වන දින සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලදි.

10 Apr 2020

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 07 වන දින සිට 09 වන දින දක්වා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල, කොලඹ වරාය ජය බහලුම් පර්යන්තයේ පරිපාලන ගොඩනැගිල්ල සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

10 Apr 2020