නාවික හමුදාව තවත් විනෝදාස්වාදාත්මක වැඩසටහනක් රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් මස 05 වන දින සිට කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 18 වන දින රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.
19 Apr 2020
ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් තිදෙනෙකුට (03) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටි පුද්ගලයින් තිදෙනෙකුට (03) කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සිදු කල පරීක්‍ෂණ මගින් සොයා ගැනීමට හැකි වීමත් සමග ඔවුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව 2020 අප්‍රේල් මස 18 වන දින කටයුතු කරන ලදි.
19 Apr 2020
කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල තවත් පුද්ගලයින් 06 ක් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06ක් අද (2020 අප්‍රේල් 18) නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.
18 Apr 2020
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සමඟ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට.

2020 අප්‍රේල් 18 වන දින මැදවච්චිය, පූනෑව ප්‍රදේශයේ නාවික හමුදාව ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සමඟ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
18 Apr 2020
නිරෝධායන කටයුතු අවසන්කල තවත් 09 දෙනෙක් බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය කටයුතු අවසන් කල පුද්ගලයින් 09 දෙනෙකු අද (2020 අප්‍රේල් 18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
18 Apr 2020
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 17 වන දින ත්‍රිකුණාමල වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
18 Apr 2020
නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කල පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 17 කල්මුණේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කල පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
18 Apr 2020
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 අප්‍රේල් 16 වන දින පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
17 Apr 2020
නාවික හමුදා රෝහල් වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් නාවික හමුදාව ක්‍රියාත්මක කරයි.

නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගනිමින් වයඹ පළාත සහ උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් 2020 අප්‍රේල් 15 සහ 16 යන දිනයන්හි ක්‍රියාත්මක කරන ලදි.
17 Apr 2020
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 12 වන දින සහ 16 වන දින කොළඹ තඨාකාංගනය, කොළඹ වරායට ඇතුළුවන සියළුම දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල සහ පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
17 Apr 2020