නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි 04 වන දින හම්බන්තොට නව රෝහල ආසන්න ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
05 May 2020
කොරෝනා සුව වූ දෙවන (02) නාවික පුද්ගලයාත් මුල්ලේරියාව රෝහලෙන් පිටව යයි.

2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 04 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
05 May 2020
නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මැයි මස 03 වන දින යාපනය, අලියවලයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
04 May 2020
කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) වෙතින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 04) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
04 May 2020
ගැඹුරු මුහුදේදී හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන විත් ප්‍රථිකාර සඳහා යොමුකිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

බේරුවල ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු කිරීමට කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මැයි 04) කටයුතු කරන ලදී.
04 May 2020
කොරෝනා සුව වූ පළමු නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 03 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
04 May 2020
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහනක් කොටවෙහෙර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් යටතේ 2020 මැයි 03 වන දින කුරුණැගල දිස්ත්‍රික්කයේ, කොටවෙහෙර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ දිගන්නෑව හා කුඹුක්වැව යන ගම්මාන විෂබීජහරණය කිරීමට කටයුතු කරන ලදි.
03 May 2020
නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි 02 වන දින මුන්දම්පිඩ්ඩි, පෙරියආරු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් සහ ධීවර යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
03 May 2020
හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ ගාල්ල, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි 02 වන දින ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
03 May 2020
ලීසන්ස් රෝහල ‘මනුසත් දෙරණ’ හා එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය පානීය ජල බෝතල් සහ ජල පෙරණ යන්ත්‍ර ‘Water Dispenser’ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය පානීය ජල බෝතල් සහ ජල පෙරණ යන්ත්‍ර ‘Water Dispenser’ තොගයක් ලීසන්ස් රෝහල සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 02) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
02 May 2020