Good Neighbors Srilanka ආයතනය සහ Ceylon kisses ආයතනය වෙතින් නාවික හමුදාව වෙත පරිත්‍යාගයන් රැසක්.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ, අත් ආවරණ, විෂබීජහරණ දියර හා ආරක්ෂක ඇදුම් සහ තේ කොල පැකට් (Tea Bags) 50000 ක ප්‍රමාණයක් Good Neighbors Srilanka සහ Ceylon kisses යන ආයතනයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දීම 2020 මැයි 05සහ 06 යන දිනයන් හිදී සිදු කරන ලදි.
07 May 2020
Nilkamal Eswaran Plastics (Pvt) Ltd විසින් නාවික හමුදාව වෙත අවශ්‍ය රෝහල් ඇඳන් පරිත්‍යාග කෙරේ.

Nilkamal Eswaran Plastics (Pvt) Ltd ආයතනය විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය රෝහල් ඇඳන් ලබා දීම 2020 මැයි 06 වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
07 May 2020
මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මැයි 06 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 02ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
07 May 2020
වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා වැළදුණු තවත් නාවික පුද්ගලයින් දෙදෙනෙක්ට (02) සුවයි.

2020 අප්‍රේල් මස 26 වන දින අනුරාධපුර සහ අගලවත්ත රෝහල් තුලදී කොවිඩ් - 19 ආසාධිතයින් වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 05 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
06 May 2020
නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 05 වන දින තණමල්විල නගරයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ත්‍රිරෝද රථයකින් දේශිය ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.
06 May 2020
නීති විරෝධී දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 05 වන දින මන්නාරම මුලන්කාවිල් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
06 May 2020
බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කල ලොරි රථ තුනක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව කින්නියා, ගංගෙයි පාලම අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් (03) සහ එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට 2020 මැයි 05 වන දින කටයුතු කරන ලදි.
06 May 2020
HHCO Industries (Pvt) Limited ආයතනය ‘මනුසත් දෙරණ’ හා එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය මුහුණු ආවරණ සහිත ආරක්‍ෂිත හිස්වැසුම් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ සහිත ආරක්‍ෂිත හිස්වැසුම් තොගයක් HHCO Industries (Pvt) Limited ආයතනය සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 05) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
05 May 2020
Southern Airduct (Pvt) Ltd ආයතනය විසින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දෙයි.

Southern Airduct (Pvt) Ltd ආයතනය මගින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දීම 2020 මැයි මස 04 වන දින සිදු කරන ලදි
05 May 2020
බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 39 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි.

බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 39 දෙනෙකු 2020 මැයි 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
05 May 2020