‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම - 2021’ විහාර මහාදේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී

මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම 2021’ ප්‍රධාන සැමරුම් උත්සවය අද (2021 නොවැම්බර් මස 14) කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වුනු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

14 Nov 2021

71 වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පූජාව නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන් අනුරපුර පුදබිමේදී

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් කංචුක පූජාව සහ නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2021 නොවැම්බර් මස 11 සහ අද (2021 නොවැම්බර් මස 12) රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගෙතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

12 Nov 2021

අභිනව ජාතික ආරක්ෂක විද්‍යාතනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ ‍

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ජාතික ආරක්‍ෂක ක්ෂේත්‍රයේ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත කළ ජාතික ආරක්‍ෂක විද්‍යාතනය (National Defence College – NDC) විවෘත කිරීම අද (2021 නොවැම්බර් මස 11) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

11 Nov 2021

ඉන්දියාවේ පැවැත් වූ ගෝව සමුද්‍රීය සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති නැවත පැමිණේ

ඉන්දියානු නාවික හමුදාව විසින් තුන් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2021 (Goa Maritime Conclave – 2021) නොවැම්බර් මස 07 වන දින සිට 09 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික පාසලේදී පැවැත්වූනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

11 Nov 2021

රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගිනිකොන නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අද දින (2021 නොවැම්බර් මස 09) ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

09 Nov 2021

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ දඹුල්ල වීර මොහාන් ජයමහ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද මධ්‍යම පාළාතේ දඹුල්ල, ගලේවෙල වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කිරීම උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් මස 05 වන දින සිදු කෙරිණි.

06 Nov 2021

බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රුපියල් මිලියන 9කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 9කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ෂියල් පුද්ගලික සමාගම (Citizens Development Business Finance PLC) විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව ප්‍රදානය කිරීම අද (2021 නොවැම්බර් මස 05) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

05 Nov 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අශෝක විජේසිරිවර්ධන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් අශෝක විජේසිරිවර්ධන සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 නොවැම්බර් 05) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

05 Nov 2021

වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් කොමදෝරු කමල් බෝඹුගලගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් වශයෙන් කටයුතු කළ කොමදෝරු කමල් බෝඹුගලගේ සිය වසර 33 කට අධික සේවා කාලය නිමා කරමින් 2021 නොවැම්බර් 03 වන දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

03 Nov 2021

නව ශ්‍රී ලංකා වාර්තා 02ක් පිහිටවූ ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාවට නාවික හමුදාධිපතිගෙන් උසස්වීමක්

කාන්තා මීටර් 1500 සහ මීටර් 5000 මළල ක්‍රීඩා ඉසව්වන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවා ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදුන් නාවික හමුදා සේවයෙහි නියුතු නායක කාන්තා නැවි ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව දිරිගැන්වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඇය අද දින සිට (2021 නොවැම්බර් 02) කාන්තා සුළු නිලධාරී තරාතිරම දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි.

02 Nov 2021