ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් රියර් අද්මිරාල් බන්ඩාර ජයතිලක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් බන්ඩාර ජයතිලක 2020 ජුලි 26 වන දින නාවික දියත් විධාන කාර්යාල‍යේදී ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදි.

27 Jun 2020

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල බීඩි තොගයක් පලමු වරට නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුනි 26 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩ බිමට ගෙන ඒමට උත්සාහ කල ‍තෙත බර සහිත බීඩි කිලෝග්‍රෑම් 295 ක ප්‍රමාණයක් සහ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

27 Jun 2020

නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 ක් සහ ඩිංගි යාත්‍රාවන් 04 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 23 සහ 25 යන දිනයන්හි නැගෙනහිර මුහුදු තීරයේ සිදුකල සිදුකළ සෝදිසි මෙහෙයුම් තුනකදී (03) ත්‍රිකුණාමලය, පවුල්තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී තහනම් දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 ක් සහ ඩිංගි යාත්‍රාවන් 04 ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

26 Jun 2020

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06 දෙ‍නෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුනි 23 සහ 2020 ජුනි 24 යන දින යන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

26 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 820ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 25 සහ 26 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

26 Jun 2020

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම 2020 ජුනි 25 වන දින මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදි සිදු කෙරුණි. ඒ සදහා රුපියල් මිලියන 25ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි.

26 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 811ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

25 Jun 2020

හෙරෝයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 ජුනි 24 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

25 Jun 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 24 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 24 දෙනෙකු 2020 ජුනි 24 සහ අද (2020 ජුනි 25) යන දින යන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

25 Jun 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම ජංගම දන්ත ශල්‍යාගාරය සේවයට එක් කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරියේ නියුතු නාවික පුද්ගලයින් ගේ සහ දුෂ්කර ප්‍රදේශ වල ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ මුඛ ‍‍සෞඛ්‍යය ඉහල නැංවීමේ අරමුණින් නිර්මාණය කරන ලද ජංගම දන්ත ශල්‍යාගාරය අද දින (2020 ජුනි 25 ) සිට සේවයට එක් කරන ලදි .

25 Jun 2020