2015 ජාතික බර ඉසිලීමේ සමස්ථ ශූරතාවය නාවික හමුදාව දිනාගනී

2015 අගෝස්තු මස 11 සහ 12 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති 2015 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා බර ඉසිලීමේ සංචිතයට හැකිවිය.

13 Aug 2015

ශ්‍රී ලංකාවේ පකිස්තාන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා අද දින (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්රා විජේගුණරත්න මහතා හමුවිය.

13 Aug 2015

කල්පිටියේ නිවසක සිදුවූ ගින්න මැඩපැවැත්වීමට නාවික හමුදා සහාය

කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ නිවසක 11 වන දින අළුයම සිදුවූ ගින්න මැඩපැවැත්වීමට කල්පිටිය නාවික හමුදා කඳවුරේ ගිණි නිවීමේ ඒකකයට හැකි විය.

12 Aug 2015

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ තෙවන ගුණානුස්මරණ දේශනය සංවිධානය කරයි

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ ගුණානුස්මරණ දේශනය තෙවන වරටත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ත්‍රිවිධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් විශාල පිරිසකගේ මෙන්ම ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රත්මලාන, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ශ්‍රවනාගාරයේදී අද (11) සවස පැවැත්විණි.

12 Aug 2015

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ, ඇමරිකානු සහ රුසියානු ආරක්ෂක උපදේශකයින් නාවික හමුදාපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එස් අස්ලම් පර්වෙස් මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් රෝස් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් දිමිත්‍රි ඒ මිකාලොව්ස්කි මහතා අද දින (10) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

10 Aug 2015

යහපත් රාජ්‍ය පරිපාලනය පිළිබඳ දේශනයක් නාවික හමුදා මූලස්ථානයේදී

˝මහජනයා රජය හා සම්බන්ධ වන්නේ රාජ්‍ය සේවකයාගෙනි˝. මහජන අවශ්‍යතා ඉටු කරළීම සඳහා ඔහුට සුවිසල් කාර්යභාරයක් පැවරේ. එහිදී රාජ්‍ය සේවකයන් හට පැවරෙන රාජකාරීන් හා වගකීම් මොනවාද යන්නත්, ඒවා නිසි ලෙස ඉටු කිරීමෙන් යහපත් රාජ්‍ය පරිපාලනයක් ඇති කල හැක්කේ කෙසේද යන්න පිළිබඳවත් ඉතා හරවත් දේශනයක් මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චූලානන්ද පෙරේරා මහතා විසින් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී අද (10) දින පැවැත්වීය.

10 Aug 2015

2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ ˝කුසලාන ශූරතාවය˝ නාවික හමුදාව දිනාගනී

කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ (09) පැවති 2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ දෙවන අදියරේ අවසන් තරඟයේදී යුද හමුදා ˝ඩ්‍රැගන්ස්˝ කණ්ඩායම පරාජය කරමින් ˝කුසලාන ශූරතාවය˝ දිනාගැනීමට නාවික හමුදා රග්බි ˝සී හෝසස්˝ කණ්ඩායම සමත්විය. මෙහිදී උත්සාහක දිනුම් 06ක් හා ප්‍රවර්තන දිනුම් 03ක් වාර්තා කරමින් 36 ට 0ක් වශයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නාවික හමුදා ˝සී හෝසස්˝ කණ්ඩායමට හැකිවිය.

09 Aug 2015

අසූව දශකයේ නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයින් නාවික හමුදාපති හමුවෙයි

1980 දශකයේ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඊයේ (07) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

09 Aug 2015

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

සුහදතාවය වර්ධනය කර ගැනීම සහ සේවා ලබා ගැනීම සඳහා ජපන් නාවික හමුදාවට අයත් “ඉකසුචි” සහ “මුරසමෙ” යන නෞකා දෙක අද දින (07) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව මෙම නෞකාවන් පිළිගන්නා ලදී.

07 Aug 2015

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග පත් කෙරේ

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග ජූලි මස 11 වන දින සිට පත් කර ඇති අතර, ඔහුගේ නව පත්වීමට අදාල ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද දින (06) නාවික හමුදා මූලස්ථානයේදී ලබාගත්තේය.

07 Aug 2015