ඕස්ට්‍රේලියානු නාවික හමුදාව සමග ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරය නිමාකරමින් කොළඹ වරායෙන් පිටත් වූ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ˝මෙල්බෝන්˝ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර සහ සමුදුර යන නෞකාවන් සමග අද (02) ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය.
02 Sep 2015
නාවික හමුදාධිපති ගරු අගමැතිතුමන් හමුවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (02) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් හමුවිය.
02 Sep 2015
නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් මුහුදු මංකොල්ලකෑම් පිළිබඳව සිය අදහස් දක්වයි

2015 සැප්තැම්බර් මස 01 වන දින යුධ හමුදාව සිසින් සංවිධානය කරන ලද ආරක්ෂක සමුළු පළමු සැසිවාරයේදී නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා විශේෂ දේශණයක් පවත්වන ලදී.
01 Sep 2015
මත් පෙති 740ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් වැල්ලවීදිය වෙරළ ආසන්නයේදී ත්‍රීරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ තහනම් මත් පෙති (Tramadol Capsules) 740ක් සමග සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව පොලීසියේ සහාය ඇතිව අගෝස්තු මස 31 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.
01 Sep 2015
ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා මුර සංචාරක යාත්‍රා විසින් ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.
01 Sep 2015
උතුරු මැද නාවික විධානය ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් අංගයක් වශයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත, මන්නාරම ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් 2015 අගෝස්තු මස 30 වන දින තලෙයිමන්නාරම රජයේ දමිළ මිශ්‍ර පාසලේදී ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වන ලදී.
01 Sep 2015
හදිසි අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්වේච්ජා විශේෂ ක්‍රමය යටතේ බැඳුනු සිවිල් ඉංජිනේරු කාර්මික ජේඑස් ජයසිංහ යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ඔහුගේ බිරිඳ වෙත ලබාදෙන ලදී.
31 Aug 2015
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් කිම් චෝල් හ්වෑන් මහතා අද දින (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
31 Aug 2015
අසූව දශකයේ රග්බි ක්‍රීඩකයින් හට නාවික හමුදාධිපති සුභපතයි

අසූව දශකයේ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ, මේ වන විට නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින රග්බි ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ කෙටි උත්සවයක් වැලිසර නාවික හමුදා රග්බි පිටියේ ඊයේ (30) පැවති අන්තර් විධාන රග්බි තරඟාවලිය අතරතුරදී පැවැත්විණි.
31 Aug 2015
2015 අන්තර් විධාන රග්බි තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය දකුණු නාවික විධානයත් දිනා ගනියි

2015 අගෝස්තු මස 28 වන දින සිට 30 වන දින දක්වා වැලිසර නාවික හමුදා රග්බි පිටියේ පැවති අන්තර් විධාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් පුහුණු විධානය පරාජයට පත්කරමින් නැගෙනහිර නාවික විධානය ˝කුසලාන˝ ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.
31 Aug 2015