නාවික හමුදාව විසින් යාපනය චලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

නාවික හමුදාව විසින් 2020 ජුලි 04 වන දින යාපනය චලෙයි ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සහ අත් බෝම්බ කිහිපයක් සමග පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

05 Jul 2020

නාවික හමුදාව විසින් නාගදීප රජමහා විහාරයේ ඉදි කරන ලද නව පහන් වැට විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාගදීප රජමහා විහාර පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ අභිනව පහන් වැට විවෘත කිරීම 2020 ජුලි 04 වන දින නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් සිදු කරන ලදී.

05 Jul 2020

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ නව පිහිනුම් තඨාකය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ

ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද පිහිනුම් තඨාකය 2020 ජුලි 04 නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතින් විවෘත කරන ලදී.

05 Jul 2020

කේරල ගංජා සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුලි මස 04 වන දින මන්නාරම උලියන්කුලම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය

05 Jul 2020

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව හා හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව 2020 ජුලි මස 04 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

05 Jul 2020

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 04 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන්, නෝර්වේ දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සහ එල්සබෙත් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයන් අතරතුර නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

05 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකු (04) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 883ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකු (04) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 02 වන දින සහ 04 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

05 Jul 2020

නාවික ස්ථානගත කිරීම ‘කල්මුණේ’ ශ්‍රී ලංකා නාවික නෞකා ‘දීඝායු’ ලෙස අධිකාරියට පත් කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගිණිකොන නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘කල්මුණේ’ ශ්‍රී ලංකා නාවික නෞකා ‘දීඝායු’ ලෙස 2020 ජුලි මස 04 වන දින අධිකාරියට පත් කිරීම නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරන ලදි.

05 Jul 2020

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ඉදිකරන ලද “රැප්ලිං කුළුණ” (Rappelling Tower) විවෘත කෙරේ.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඉදිකරන ලද ප්‍රථම අංග සම්පූර්ණ රැප්ලිං කුළුණ “Rappelling Tower” නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කිරීම 2020 ජුලි මස 03 වන දින සිදු කරන ලදි.

04 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 879ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 03 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

04 Jul 2020