විදෙස් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් සංවිධානය කරනු ලබන 2015 හර්මන් ලූස් කඳවුර නැරඹීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය හා පාකිස්ථානය යන රටවලට අයත් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් අද (13) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
13 Oct 2015
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 04ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගන්නා ලදී.
13 Oct 2015
දියගම පැවති 2015 ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ ජයග්‍රහණය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම හිමිකර ගනියි

2015 ජාතික බේස්බෝල් ශූරතාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.
11 Oct 2015
නාවික හමුදාධිපති ගිනිකොන නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඔක්තෝබර් මස 10 වන දින ගිනිකොන නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවිය.
11 Oct 2015
ශ්‍රී ලංකා නාවික හමුදා විවෘත තුන්ප්‍රයාම තරඟාවලිය නොවැම්බර් මසදී පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන 2015 විවෘත තුන්ප්‍රයාම තරඟාවලිය නොවැම්බර් මස 01 වන දින උදෑසන 0630ට දික්ඕවිට ධීවර වරාය හා උස්වැටකෙයියාව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
10 Oct 2015
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දහනව දෙනෙකු අත්අඩංගුවට ගැන

පේදුරු තුඩුවට සහ වෙත්තලකර්නි ප්‍රදේශයන්ට නැගෙනහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) අත්අඩංගුවට ගන්නා ලදී.
10 Oct 2015
ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දස දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබයි

වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානය කිරීමේ උත්සවය, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
08 Oct 2015
25 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඉන්දීය නාවික හමුදා “සාවිත්‍රි” නෞකාවේදී පවත්වයි

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර වාර්ෂික පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව මෙම මස 07 වන දින කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ “සාවිත්‍රි” නෞකාවේදී පවත්වන ලදී.
08 Oct 2015
ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ බඳවාගැනීම් හා විභාග අංශයේ අධ්‍යක්ෂකතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ බඳවාගැනීම් හා විභාග අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය බුපින්දර් ෂුට්ශි මහතා අද (07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
07 Oct 2015
බංග්ලාදේශ සන්නද්ධ සේවා යුද පාඨමාලාව හදාරන අධ්‍යයන කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් 46 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් අද (06) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
06 Oct 2015