ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි

2015 නොවැම්බර් මස 20 වන දින පස්වරු 04.00 ට වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟාවලියේ පළමු තරඟයෙන් උත්සාහක දිනුම් 05 ක් පරිවර්තන දිනුම් 04 ක් සහ දඩුවම් පහර 01 ක් සමගින් ගුවන් හමුදා පිල පරදවා 36 - 08 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

21 Nov 2015

ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඔන්ව්වාන් බෙසෝන් මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

20 Nov 2015

2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ‍ඓතිහාසික ගාලු නගරයේදී ආරම්භවෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩ සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඓතිහාසික ගාලු නගරයේදී නොවැම්බර් මස 23 වන දින පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

20 Nov 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දහ හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) අත්අඩංගුවට ගන්නා ලදී.

19 Nov 2015

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, සේත්තවාඩිය සහ උච්චමුණිය අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 26 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 15ක් ඊයේ (18) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

19 Nov 2015

ජපාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු කෙනිචි සුගනුමා මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Nov 2015

ශ්‍රී ලංකාවට පැමිණි හිටපු රාජකීය නාවික හමුදා නිලධාරියෙකු නාවික හමුදාධිපති විසින් උණුසුම් ලෙස පිළිගනී

රාජකීය නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වන ලුතිනන් කොමාණ්ඩර් එම් ස්කොට් මහතා සිය බිරිඳ සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරතුර අද (18) නාවික හමුදා මූලස්ථානයට පැමිණ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Nov 2015

නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් නාවික හමුදාධිපති හමුවෙයි

නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Nov 2015

පැරීසියට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නාවික හමුදාධිපති ශෝකය පළකරයි

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ අහිංසක ජනතාව වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා අද (17) කොළඹ, ප්‍රංශ තානාපති කාර්යාලයේදී සිය ශෝකය ප්‍රකාශ කරන ලදී.

17 Nov 2015

අධික වර්ෂාව හේතුවෙන් ආපදාවටපත් මාදගල්, කයිට්ස් සහ ඉරනමඩු ප්‍රදේශයන් හි සිවිල් වැසියන්ට නාවික හමුදාව පහසුකම් සලසයි

අධික වර්ෂාව හේතුවෙන් යාපනය කයිට්ස්, මාදගල් සහ ඉරනමඩු ප්‍රදේශයන් හි ආපදාවට ලක්වී සිටින සිවිල් වැසියන් හට ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර, කංචදේව සහ අග්බෝ යන ආයතනවල නාවිකයින් විසින් පහසුකම් සැලසීය.

17 Nov 2015