නාවික හමුදා 65 වන සැමරුම නිමිත්තෙන් පැවති හින්දු ආගමික වැඩසටහන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (02) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.
02 Dec 2015
65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් පැවති මුස්ලිම් ආගමික වැඩසටහන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද මුස්ලිම් ආගමික වැඩසටහන් අද (02) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
02 Dec 2015
65 වන නාවික දිනය නිමිත්තෙන් පැවති ක්‍රිස්තියානි දේව මෙහෙය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් දෙසැම්බර් මස 01 දින පැවැත්විණි.
02 Dec 2015
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 400 දෙනෙකු හට පොලී රහිත ණය ප්‍රදානය කෙරේ

කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජ්‍යෙෂ්ඨ නාවිකයින් 400 දෙනෙකු හට රුපියල් ලක්ෂ 5 බැගින්වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම අද (01) සිදු කෙරිණි.
01 Dec 2015
පාකිස්ථානු නාවික හමුදාවේ “ශම්ෂීර්” නෞකාවේ මෙහෙයුම් භාර අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවේ “ශම්ෂීර්” නෞකාවේ මෙහෙයුම් භාර අණදෙන නිලධාරී කොමදෝරු බිලාල් අබ්දුල් නසීර් මහතා සහ අණදෙන නිලධාරී සිද් රිස්වාන් කලීඩ් මහතා අද (01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
01 Dec 2015
පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව පිළිගන්නා ලදී.
30 Nov 2015
නීති විරෝධී ධීවර දැල් 4ක් සමග පුද්ගලයින් දස දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, මඩකලපුව නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර දැල් (සුරුක්කු දැල්) 4ක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු හා ඩිංගි යාත්‍රා 4ක් නොවැම්බර් මස 28 වන දින දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.
30 Nov 2015
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (29) අළුයම අත්අඩංගුවට ගන්නා ලදී.
29 Nov 2015
ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

ජපාන නාවික හමුදාවට අයත් “අකිසුකි” හා “සවගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (27) කොළඹ වරායට සේන්දු විය.
27 Nov 2015
නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදාධිපති හමුවෙයි

නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
26 Nov 2015