නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) - 2015
 
 

මුහුදු සංග්‍රාමික බලකායන් සඳහාම ආවේණික වූ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලින් සපිරි ශ්‍රී ලංකා නාවික හමුදාව සමාජශීලී පරිසරයක් හා උසස් විනෝදාස්වාදයක් ලබාදීම සඳහා ද පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියි.

14 Dec 2015

ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ රාජකාරී නියුතු නාවික පුද්ගලයන් පිරිසක් විසින් ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු කරුවලකුඩා ප්‍රදේශයේදී ඊයේ (13) අත්අඩංගුවට ගන්නා ලදී.

14 Dec 2015

කොළඹ හොකී සහ පාපන්දු සමාජය පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා කොළඹ හොකී සහ පාපන්දු පිල අතර අද (12) කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයෙන් 67-6ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.

12 Dec 2015

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2015 දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ යමුණා විජේගුණරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී දෙසැම්බර් මස 12 වන දින පැවැත්විණි.

12 Dec 2015

65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ කඳවුරක් පවත්වයි
 

දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් බටහිර නාවික විධානය සංවිධානය කරන ලද විශේෂ ලේ දන්දීමේ කඳවුරක් වැලිසර නාවික රෝහලේදී දෙසැම්බර් මස 10 වන දින පැවැත්විය.

12 Dec 2015

නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි පුද්ගලයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමළය ධීවර පරීක්ෂකගේ ද සහාය ඇතිව නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු සමග හැඹිලි දැල් 02ක් ඊයේ (10) අත්අඩංගුවට ගන්නා‍ ලදී. ත්‍රිකුණාමළය මඩ් කෝව් ජැටිය අවට මුහුදේ දී අත්අඩංගුවට ගත් මෙම පිරිස සමග ධීවර යාත්‍රා දෙකක් සහ මාලු කිලෝග්‍රෑම් 310ක් ද අත්අඩංගුවට පත්විය.

11 Dec 2015

නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබන නිලධාරීන් අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබන 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන් අද (10) ඇමතීය.

10 Dec 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනේ  

පේදුරු තුඩුවට නැගෙනහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දස දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) අත්අඩංගුවට ගන්නා ලදී.

10 Dec 2015

නාවික දිනය නිමිත්තෙන් දළදා සමිඳුන් අභියස ආගමික වතාවත් රැසක්

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද බෞද්ධාගමික වැඩසටහන් රැසක් දෙසැම්බර් මස 08 සහ 09 යන දිනයන්හි දළදා සමිඳුන් අභියසදී පැවැත්විණි.

09 Dec 2015

ශ්‍රීලංනානෞ ශිල්ප සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය 2015 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.

09 Dec 2015