රාජකීය ඕමාන් නාවික හමුදාවේ යුද නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණෙයි
 

රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් ෂමීක්” සහ “අල් සීබ්” යුධ නෞකාවන් සුහදතාවය වර්ධනය කර ගැනීම හා ඉන්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනී‍මේ අරමුණින් අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

12 Feb 2016

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, එම නෞකාව නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.

12 Feb 2016

ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට
 
 

තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගන්නා ලදී.

11 Feb 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ලාංකික ධීවරයින් හත් දෙනෙකු අත්අඩංගුවට
 

මුලංකාවිල්, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් නච්චිකුඩා ප්‍රදේශයේ දී පසුගිය 8 වන දින උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

10 Feb 2016

උතුරු නාවික විධානය විසින් කරෙයිනගර් දූපතේ සංවිධානය කළ සෞඛ්‍ය සායනය සාර්ථකයි
 

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් ලෙස උතුරු නාවික විධානය විසින් සංවිධානය කෙරුණු ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් කරෙයිනගර් හින්දු විද්‍යාලයේදී පෙබරවාරි මස 6 වන දින පැවැත්විණි.

08 Feb 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට
 

කල්පිටිය, “විජය” නාවික කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 6 වන දින උඩප්පුව සහ මාන්පුරි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

08 Feb 2016

නාවික හමුදාධිපති අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වූ ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් හමුවෙයි

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පරීක්ෂණයට සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ඒ සඳහා සහභාගී වූ විදෙස් නාවික හමුදාවන් හි ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සුහද සාකච්ජාවන් පැවැත්විය.

07 Feb 2016

2016 ඉන්දීය නෞකා පිරික්සුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාව එක්වෙයි
 

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික පුද්ගලයින් 275 දෙනෙකු සහභාගී වී සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජ නෞකාව වන සයුර නෞකාව එක්ව සිටියි.

07 Feb 2016

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වෙයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වී සිටියි.

05 Feb 2016

නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

05 Feb 2016