ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි

ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
21 Feb 2016
2016 CISM Day ධාවන තරඟයට නාවික හමුදාව එක්වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කෙරුණු 2016 CISM Day ධාවන තරඟය (Conseil
International du Sport Militaire - CISM) අද (21) උදෑසන ගුවන් හමුදා මූලස්ථාන ක්‍රීඩා පිටියෙන් ආරම්භ වී ලේක්හවුස් වටරවුම, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ගාලු මුවදොර, කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය අසලින් ගුවන් හමුදා මූලස්ථානය දක්වා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
21 Feb 2016
උතුරු නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ

උතුරු නාවික විධානයේ අලුතින් ඉදිකරන ලද ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය අද (20) උදෑසන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් වීවෘත කෙරිණි.
20 Feb 2016
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 57ක් දිනා ගනී

පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් 57ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවෝ සමත් වූහ.
18 Feb 2016
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) මාම්පුරි සහ සින්නපාදු අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
17 Feb 2016
ඉරනතිව් ක්‍රිස්තියාණි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය

වසරේ මුල් දින 40ට පසුව උදාවන පළමු සිකුරාදා දිනයේදී පවත්වනු ලබන ඉරනතිව් දූපතේ “ජපමාලයේ අප ස්වාමිදුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත්, ක්‍රිස්තියාණි බැතිමතුන් 800කගේ පමණ සහභාගීත්වයෙන් හා ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පුද්ගලයින් ගේ සහායෙන් පෙබරවාරි මස 12 වන දින ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
16 Feb 2016
ඉරාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු මොහොමඩ් සඒරි අමිරානි මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
15 Feb 2016
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් රොබට් රෝස් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
15 Feb 2016
ගාල්ල මකුළුව විහාරස්ථානයේ භික්ෂු ගිලානෝපස්ථාන මන්දිරය නාවික හමුදාධිපතිතුමන් විසින් සඝසතු කෙරේ

ගාල්ල, මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාමාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක, ආචාර්ය ගරු කෙරදේවෙල පුඤ්ඤරතන නායක හිමිපාණන්ගේ ආරාධනාවකට අනුව, එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී චන්දරතනාභිධාන අනුස්මරණ භික්ෂු ගිලානෝපස්ථාන මන්දිරය අද (14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් සඝසතු කරන ලදී.
14 Feb 2016
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් දාහත්දෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) උච්චමුනිය සහ කිඹුල්බොක්ක අතර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් දාහත් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
14 Feb 2016