රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'සධාහ්' නෞකාව කොළඹ වරායට පැමිණේ

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'සධාහ්' නෞකාව අද (8) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
08 Mar 2016
කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි

සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන යන සංකල්පය ක්‍රියාවට නංවමින් ක්‍රියාත්මක ,වස විස නැති රටක්, වැඩසටහන යටතේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණු කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශයේ නාවික හමුදාව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශණ කුටි නැරඹීම සඳහා අද (7) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.
07 Mar 2016
රුපියල් ලක්ෂ 345 ක වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 6.94ක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු යාපනය, මාදගල් ප්‍රදේශයේදී අද (6) නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
06 Mar 2016
දියේ ගිලී මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදා කිමිදුම්කරුවෝ සොයා ගනිති

අම්පාර, කොට්ටුකල්ලි මුහුදු තීරයේ දී දියේ ගිලී මියගිය පිරිමි සහ කාන්තා පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම්කරුවන් ඊයේ (5) උදෑසන සමත් විය.
06 Mar 2016
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට උතුරු දෙසින් සහ කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (5) අත්අඩංගුවට ගන්නා ලදී.
06 Mar 2016
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු අද (5) අළුයම 02.30ට පමණ ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 40ක පමණ දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුරනිමල නෞකාව මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ම
05 Mar 2016
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 45 දෙනෙකු හට පොලී රහිත ණය ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත සිදු කෙරෙන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීමේ තෙවන අදියර වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී අද (4) සිදු කෙරිණි. නාවික හමුදාධිපතිතුමන්ගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ නාවිකයින් 45 දෙනෙකු හට පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම සිදුවිය.
04 Mar 2016
ලාංකික ධීවරයින් තිදෙනෙක් සහ නිධන් හාරමින් සිටි පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම, සිලාවතුර “ථේරපුත්ත” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිලාවතුර මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් පසුගිය අඟහරුවාදා (2) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
04 Mar 2016
පරෙවි දූපත අසල අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් හත්දෙනෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, නිලාවේලි, පරවි දූපත අසල මසුන් ඇල්ලීමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු “විජයබා” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් මාර්තු 2 සහ 3 යන දිනයන් හි අත්අඩංගුවට ගන්නා ලදී.
04 Mar 2016
“ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා අද (3) උදෑසන කොළඹ වරායට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් “ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී, කපිතාන් (පලමු නිලය) සර්ගෙයි වී ඉග්නැටෝව් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩෙනිස් ඒ බර්ග්ස් මහතා නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
03 Mar 2016