කඩොලාන පරිසර සුරක්ෂිත කිරීමට නාවික හමුදාව සහාය වෙයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘතියේ අධියරයන් දෙකක් උතුරු සහ උතුරුමැද නාවික විධානයන්හිදී ක්‍රියාත්මක විය.

15 Mar 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) සංගමන්කන්ද සහ තිරුක්කෝවිල් අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

13 Mar 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තාවුල්පාඩු මුහුදු තීරයේදී සහ ඩෙල්ෆ් දූපතට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගන්නා ලදී.

13 Mar 2016

ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙදෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා ශිල්පීය අංශයේ 11 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 42 දෙදෙනෙකු සඳහා සාගරික ඉංජිනේරු ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අද (11) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

11 Mar 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 24 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (10) නාවික හමුදාව සමත්විය.

11 Mar 2016

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදාවේ අත්අඩංගුවට
 

පල්ලෙකුඩා මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 20 දෙනෙකු කිලෝග්‍රෑම් 220 ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සමග උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය 9 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

11 Mar 2016

කෝටියක් පමණ වටිනා නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 621 ක් නාවික හමුදාවේ අත්අඩංගුවට
 

ඉන්දියාවේ සිට කුඩා යාත්‍රා මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කර කිරිමුන්දලම් ප්‍රදේශයට රැගෙනවිත් ගොඩබිමට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 621 ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු වයඔ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ නාවික පුද්ගලයන් පිරිසක් විසින් පසුගිය 9 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

11 Mar 2016

නාවික හමුදාව වව්නියාවේ ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් ස්ථාපනය කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ වව්නියාව, ඉරට්ටේ පෙරියකුලම් ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් අද (10) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන් ගරු ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.

10 Mar 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 18 දෙනෙකු ඊයේ (9) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.

10 Mar 2016

උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
 

කරෙයිනගර් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (9) අත්අඩංගුවට ගන්නා ලදී.

10 Mar 2016