ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුවේ 10 වන සංවත්සරය රටවල් 20 ක නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 18 වන දින සිංගප්පූරුවේදී පවත්වනු ලැබීය.
21 Mar 2016
කේරළ ගංජා කිලෝ 6.5 ක් සමඟ ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවක් විසින් අද (20) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.5 ක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.
20 Mar 2016
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය ස්ථාපිත වේ

ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් ත්‍රිවිධ හමුදාවේ 400 කට අධික වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය පසුගිය මාර්තු 18 වන දින කොළඹදී උත්සවාකාරයෙන් පිහිටුවන ලදී.
19 Mar 2016
තිසාවැව ජල පොම්පාගාරයේ අළුත්වැඩියා කළ පොම්ප නැවත සවි කිරීම සඳහා නාවික හමුදාවේ සහාය

අනුරාධපුර, පූජා නගරයේ ජල පිරිපහදුව වෙත තිසා වැවෙන් ජලය ලබා ගන්නා අතර, ඒ සඳහා පොම්ප 3 ක් ජලයේ ගිල්වා සවි කොට ඇත.
19 Mar 2016
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ශ්‍රී ලංකා නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) ත්‍රිකුණමළය, කෝනේෂ්වරම් මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු සමග ඩිංගි යාත්‍ර 3 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
17 Mar 2016
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 14 වන දින නච්චිකුඩා, කිරන්චි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 7 දෙනෙකු මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 80 ක් සහ ඩිංගි යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගැනීමට සමත්විය.
16 Mar 2016
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා වශයෙන් කටයුතු කරන අතිගරු බ්‍රයිස් හච්සන් මහතා අද දින (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
15 Mar 2016
සඟවා තැබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් අනුව සිලාවතුර, ධීවර වාඩිය ප්‍රදේශයේ සගවා තිබූ කිලෝග්‍රෑම් 187 ක ප්‍රමාණයෙන් යුත් කේරළ ගංජා පාර්සල් 60 ක් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (15) අත්අඩංගුවට ගන්නා ලදී.
15 Mar 2016
පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි

ඊයේ (14) පස්වරු කොළඹ තුරඟ තරඟ ක්‍රීඩා පිටියේ පැවති ක්ලිෆර්ඩ් කුසලාන පිලිමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියේ අර්ධ අවසාන තරඟයෙන් උත්සාහක දිනුම් 02 ක් සහ දඩුවම් පහර 03 ක් සමගින් පොලිස් පිල පරදවා 19 – 10 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.
15 Mar 2016
අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

2016 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ මළල ක්‍රීඩා පිටියේදී පසුගිය 12 සහ 13 යන දෙදින පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
15 Mar 2016