සුඛෝපභෝගි වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 11 වන දින කොච්චිකඩේ ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍ර‍බේදයට අයත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

13 Jul 2020

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 11 වන දින ත්‍රිකුණාමලය, එලිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

12 Jul 2020

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) 2020 ජුලි 11 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

12 Jul 2020

කොමාණ්ඩර් නිලන්ත කුරුකුලසූරිය ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් නිලන්ත කුරුකුලසූරිය 2020 ජුලි 11 වන දින වැඩ භාර ගන්නා ලදී.

12 Jul 2020

නීති විරෝධී සංක්‍රමනිකයින් රැගත් ඩිංගි යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 11 වන දින අළුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් (04) සමග ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

12 Jul 2020

වෙත්තලකේණි උඩුත්තුරෙයි ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 11 වන දින අළුයම වෙත්තලකේණි, උඩුත්තුරෙයි වෙරළ තීරයේදී කිලෝග්‍රෑම් 52 කට අධික කේරළ ගංජා නමැති ප්‍රබේදයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි

12 Jul 2020

නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදි කරනු ලැබූ ‘අභිමන්සල’ (The Anchorage) විවෘත කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදා සක්‍රීය සේවයෙහි යෙදි සිටියදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවන් වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරනු ලැබූ ‘අභිමන්සල’ (The Anchorage) අද (2020 ජුලි 11) විවෘත කරන ලදි.

11 Jul 2020

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් අද (2020 ජුලි 11) දකුණු නාවික විධානය සහ ගිණිකොන නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.

11 Jul 2020

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව හා පොලිසිය එක්ව 2020 ජුලි 09 වන දින කින්නියා ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා නමැති ප්‍රබේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

11 Jul 2020

කපිතාන් සංජීව පෙරේරා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් සංජීව පෙරේරා 2020 ජුලි 10 වන දින වැඩ භාර ගන්නා ලදී.

10 Jul 2020