නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 436 යාත්‍රාවේ රාජකාරී නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් අද (1) වලයානමාදම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනුමත දුර ප්‍රමාණය ඉක්මවා මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
02 Sep 2016
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරය හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (31) පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
01 Sep 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (31) මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
01 Sep 2016
නාවික හමුදාව විසින් මුහුදු සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු බේරා ගැනේ

හික්කඩුව වෙරළ තීරයේ, සීනිගම දේවාලය අසල මුහුදේ සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට ඊයේ (30) නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝණයේ නාවිකයන් පිරිසක් සමත් විය.
31 Aug 2016
ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් රාජකාරී කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් කාර්ස්ටන් හෝල්ෂර් මහතා අද (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
31 Aug 2016
රත්‍රන් කිලෝග්‍රෑම් 5.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 5.5ක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රියේ නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
31 Aug 2016
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (30) සමත් විය.
31 Aug 2016
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය ආධුනික ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු කදවුරක් වැලිසර දී පවත්වයි

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ ආධුනික ගොල්ෆ් ප්‍රවර්ධන අනු කමිටුව විසින් ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව, ඔවුන් හට ජාත්‍යන්තර සහ වෘත්තීය මට්ටමේ පුහුණුවීමක් ලබා දීම සඳහා පුහුණු කදවුරක් ක්‍රියාත්මක කරන ලදී.
30 Aug 2016
තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (29) සමත් විය.
30 Aug 2016
ඇමරිකානු නාවික හමුදාවේ "ෆ්‍රෑන්ක් කේබල්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් “ෆ්‍රෑන්ක් කේබල්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (29) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
29 Aug 2016