දිවුලපැලැස්ස මහා විද්‍යායේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මහියංගනය දිවුලපැලැස්ස මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරුණි.
08 Oct 2016
වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට ලැබුණු බුද්ධි තොරතුමක් මත ක්‍රියාත්මක වූ නාවිකයන් පිරිසක් ඊයේ (7) මහබාගේ පොලීසිය හා එක්ව සිදු කළ සෝදිසියකදී හැදල ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ වේදනා නාශක ඖෂධ පෙති 300 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
08 Oct 2016
ජපන් නාවික හමුදාවට අයත් නෞකා තුනක් කොළඹ වරායට පැමිණේ

ජපාන නාවික හමුදාවට අයත් “කෂීමා” “සෙටොයුකි” සහ “අසගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා පුහුණු කටයුතු සඳහා අද (7) සවස කොළඹ වරායට සේන්දු විය.
07 Oct 2016
රොටලවෙල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මහියංගනය රොටලවෙල ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරුණි.
07 Oct 2016
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇරෝ යාත්‍රා “සෙඩ්රික්” ලෙස නම් කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වශයෙන් නාවික ඉතිහාසයට එක්ව සිටින දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් එන්වීඑක්ස් 5068 නිලධාරියාට සිදු කරන ගෞරවයක් වශයෙන් පසුගිය ඔක්තෝබර් 5 වන දිනට යෙදී තිබූ ඔහුගේ 70 වන ජන්ම දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ඇරෝ යාත්‍රා “සෙඩ්රික්” (Cedric) ලෙස හැදින්වීමට නාවික හමුදාව තීරණය කොට ඇත.
07 Oct 2016
නාවික හමුදාව විසින් උතුරේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් ඩෙංගු හා පිළිකා රෝග නිවාරණ වැඩසටහන්

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වේලනි සහ කයිට්ස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව ඩෙංගු සහ පිළිකා නිවාරණ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 28 සහ 29 යන දෙදින පවත්වන ලදී.
06 Oct 2016
වසර 34ක සේවය නිමා කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් එරික් ජයකොඩි සහ ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර යන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් දෙදෙනා සිය 34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් අද (6) දින විශ්‍රාම යන ලදී.
06 Oct 2016
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් කිමිදුම් ක්‍රම සහ උපකරණ භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
06 Oct 2016
නයිජීරියානු නාවික හමුදාවේ “යුනිටි” යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

නයිජීරියානු නාවික හමුදාවට අයත් “යුනිටි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (5) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
05 Oct 2016
ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (4) බලහරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
05 Oct 2016