අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 16.7 ක් නාවික හමුදාව මගින් සොයාගැනේ

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේයි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (13) පේදුරුතුඩුවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 16.7 ක් සමග ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සොයා ගන්නා ලදි.
13 Oct 2016
නිවාස 75 ක අයිතිය නාවික හමුදා රණවිරුවන් වෙත පැවරීම ජනපති අතින් සිදු කෙරේ

“අපි වෙනුවෙන් අපි” සහ “සත්විරු සන්හිඳ” නිවාස ව්‍යාපෘති යටතේ තවත් නිවාස 75ක් නාවික හමුදා රණ විරුවන් වෙත ප්‍රදානය කිරීම අතිගරු ජනානාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආතනයේදී අද (12) සිදු කෙරුණි.
12 Oct 2016
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේදී පුහුණු අභ්‍යාසයක්

දින දෙකක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ “සමුද්‍ර පෙහෙරිදාර්”නෞකාවේදී සාගරයට මුදාහැරුණු තෙල්, කෙටි කාල සීමාවකදී කාර්යක්ෂමව ඉවත් කිරීම පිළිබඳ පුහුණු අභ්යාංසයක් අද (12) පැවැත්වීය.
12 Oct 2016
ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී, රියර් අද්මිරාල් විනේයි බද්වාර් මහතා සහ කපිතාන් ආර්එම් තෝමස් යන මහත්වරුන් අද (12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
12 Oct 2016
නීතිවිරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අයත් තංගල්ලෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
12 Oct 2016
නාවික හමුදාධිපතිතුමා සමුද්‍ර පෙහෙරිදාර් නෞකාවේ සංචාරයක නිරත වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේ සංචාරයක නිරත විය.
11 Oct 2016
රාජකීය ඕමාන් නාවික හමුදාවේ අල් නසීර් යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් නසීර්” යුධ නෞකාව සුහදතාවය වර්ධනය කර ගැනීම හා සැපයුම් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
11 Oct 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 14.3 ක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද (11) සමත් විය.
11 Oct 2016
ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්‍ෂ 5 ණය මුදල් ප්‍රදානය කෙරේ

සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත්වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම ඊයේ (10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි.
11 Oct 2016
උතුරු නාවික විධානය මගින් ප්‍රජා සංවර්ධන සහ සමාජ සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් කරෙයිනගර් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය අළුත්වැඩියා කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
11 Oct 2016