ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ගොඩනැගුනු වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත් වී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් දීප ව්‍යාප්තව සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේ අභයපුර සහ සෙනරත්පුර ගම්මානවල ජනතාව සදහාද කැකිරාව ප්‍රදේශයේ පඩිකාරම්මඩුව ගම්මානය සදහා ද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ඊයේ (25) ජනතා අයිතියට පත් කෙරිණි.

26 Nov 2016

66 වන නාවික දිනය නිමිත්තෙන් පැවති ක්‍රිස්තියානි දේව මෙහෙය
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් අද (24) පැවැත්විණි.

25 Nov 2016

ඇමරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් සෙබළුන් පුහුණු අභ්‍යාසයන්හි නිරත වෙයි
 

පසුගිය 22 වන දින පුහුණු සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකානු නාවික හමුදාවට අයත් “සමර්සෙට්” යුද නෞකාවේ මැරීන් සෙබළු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන මැරීන් සෙබළු මේ වන විට ත්‍රිකුණාමලයේදී පුහුණු අභ්‍යාසයන්හි නිරත වෙමින් සිටී.

24 Nov 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) ඉලුප්පුකඩවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Nov 2016

නාවික හමුදාවේ කයක් යාත්‍රා යුද හමුදාව වෙත ලබා දෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළාශ්‍රිත මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය කරන ලද “කයක්” වර්ගයේ අංග සම්පූර්ණ කුඩා යාත්‍රා 8 ක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ප්‍රදානය කිරීම පසුගිය 19 වන දින මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා පුහුණු කදවුරේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

24 Nov 2016

"සමර්සෙට්" යුද නෞකාවේ අණදෙන නිලධාරී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
 

පුහුණු සංචාරයක් සඳහා ඊයේ (22) ත්‍රිකුණාමලය වරායට සේන්දු වු ඇමරිකානු නාවික හමුදාවට අයත් "සමර්සෙට් " යුද නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩැරන් ග්ලාසර් මහතා අද (23) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

23 Nov 2016

ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

23 Nov 2016

ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකායේ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකායේ කොමසාරිස් රෝමන් කොඩ්ලීග් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

22 Nov 2016

ඇමරිකානු නාවික හමුදාවේ "සමර්සෙට් " යුද නෞකාව ත්‍රිකුණාමලය වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් "සමර්සෙට්" යුද නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (22) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

22 Nov 2016

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී

2016 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද (21) පැවැත්විණි.

22 Nov 2016