59 වැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, අසේල ඉද්දවෙල මහතාගේ උපදෙස් පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අද (2) විවෘත කෙරිණි.
03 Dec 2016
එළුවතිව් දූපතේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ, උතුරු නාවික විධානයේ පුර්ණ ශ්‍රම සහ තාක්ෂණික දායකත්වයෙන් එළුවතිව් දූපතේ ඉදිකරන ලද නව ජැටිය විවෘත කිරීම අද (2) සිදු කෙරුණි.
02 Dec 2016
ඉන්දීය නාවික හමුදාධිපතිතුමා ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනී

ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා ඊයේ (1) උතුරු මැද ප්‍රදේශයේ චාරිකාවාරයක නිරත වූ අතර, එහිදී එතුමන් අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.
02 Dec 2016
නාවික හමුදා 66 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි

2016 දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (1) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.
02 Dec 2016
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මහ රෝහලේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කෙරේ

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායට සමගාමීව වකුගඩු රෝගය නිවාරණය කිරීමේ දැවැන්ත මෙහෙවරේ පෙර ගමන් කරුවෙකු බවට පත්ව සිටින නාවික හමුදාව සිය පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිපදවා ස්ථාපිත කරන ලද 56 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (1) යාපනය මහරෝහල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
02 Dec 2016
ඉන්දීය නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි

පසුගිය 28 සහ 29 යන දෙදින පැවැත්වූ ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල්, සුනිල් ලන්බා මහතා ඊයේ (30) නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත විය.
01 Dec 2016
එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි

ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පසුගිය දින ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති, අද්මිරාල් හැරී බී. හැරිස් මහතා නොවැම්බර් මස 29 වන දින නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.
01 Dec 2016
උපාය මාර්ගික සාගරික සබඳතාවයන් වර්ධනය කර ගනිමින් 2016 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ 2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (29) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.
30 Nov 2016
66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් මුස්ලිම් ආගමික වැඩසටහන් පැවැත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද මුස්ලිම් ආගමික වැඩසටහන අද (30) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
30 Nov 2016
ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අමතා ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා විසින් සිදු කරන ලද දේශණය

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණ සිටින නාවික ප්‍රධානීන් සහ ප්‍රභූ පුද්ගලයන් මෙන්ම සම්භාවනීය අමුත්තන් ඇතුළු මහත්ම මහත්මීනි.
30 Nov 2016