අඛණ්ඩව 17 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි
 

නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 3 වන දින දක්වා කොළඹ, ක්‍රීඩා අමාත්‍යංශ නව ක්‍රීඩාගාරයේ පැවති 2016 ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය

05 Dec 2016

ජපානයට අයත් “කිරිසමෙ” නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (4) කොළඹ වරායට පැමිණි ජපන් සාගරික ස්වයං ආරක්ෂක බළකායට අයත් “කිරිසමෙ” නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා හමු විය.

05 Dec 2016

මහනුවර රග්බි පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ තවත් අධියරක්, අද (4) පස්වරුවේ වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි පිටියේදී පැවත්විණි.

05 Dec 2016

62 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

04 Dec 2016

ජපන් නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන ස්වයං ආරක්ෂක නාවික බලඝණයට අයත් “කිරිසමෙ” නෞකාව සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (4) කොළඹ වරායට සේන්දු විය.

04 Dec 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුව
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (3) සිලාවතුර ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

04 Dec 2016

66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැත්වෙයි
 

දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් ඊයේ (2) සහ අද (3) යන දිනයන්හි පැවැත්විණි.

04 Dec 2016

නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ඇල්ලූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අන්තෝනිපුරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ ගනයේ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

04 Dec 2016

කයිට්ස් දූපතේ නව දියත් මග සඳහා මුල්ගල තබයි
 

කයිට්ස් දූපත්වාසී ජනතාව වෙනුවෙන් ඉදිකිරීමට නියමිත දියත් මග සඳහා මුල්ගල තැබීම පසුගිය 2 වන දින උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සුරතින් සිදු විය.

03 Dec 2016

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 90 දෙනෙකු වෙත පොලී රහිත ණය ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත සිදු කෙරෙන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීමේ තවත් අදියරක් අද (2) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

03 Dec 2016