අභිනව නාවික හමුදාධිපති තුමන් අස්ගිරි පාර්ශවයේ මහානාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගනී.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින අස්ගිරි මහා නායක හිමියන් බැහැදැක මහනුවර, අස්ගිරි මහා විහාරයේදී ආශිර්වාද ලබා ගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියද සහභාගීවී සිටින ලදි.
23 Jul 2020
නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න අද (2020 ජුලි 21) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් හමුවිය. එහිදී, ගුවන් හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
22 Jul 2020
නාවික හමුදාධිපතිතුමන් වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති හමුවෙයි

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 21) යුද්ධ හමුදා මූලස්ථානයේදී වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදී, යුද්ධ හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
22 Jul 2020
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06ක් පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුලි මස 20 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
21 Jul 2020
කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ සියළුම නාවික හමුදා පුද්ගලයින් සුවය ලබයි.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ අවසාන නාවික හමුදා පුද්ගලයින් තිදෙනා (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 20 වන දින ඉරණවිල රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කිරීමත් සමග කොවිඩ් 19 වෛරසය නාවික හමුදාව තුළින් අවසන් වෙයි.
21 Jul 2020
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් 2020 ජුලි 18 සහ 19 උතුරු නාවික විධානය සහ දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.
20 Jul 2020
නාවික හමුදාව කජු පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් අරඹයි.

නාවික හමුදාව 2020 ජුලි මස 19 වන දින උතුරු නාවික විධානය කේන්ද්‍රකර ගනිමින් කජු පැළ සිටුවීමේ මහාපරිමාන ව්‍යාපෘතියේ ප්‍රථම අධියර ආරම්භ කරන ලදි.
20 Jul 2020
මුහුදු කූඩැල්ලන් තොගයක් සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 18 වන දින සිලාවතුර, අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
19 Jul 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහලෙන් පිටව යයි - සුව වූ මුළු ගණන 903ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 18 වන දින අදාල රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
19 Jul 2020
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 17 වන දින ත්‍රිකුණාමලය, ෆවුල්තුඩුව මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.
18 Jul 2020