නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව වෛද්‍ය සායනයක් පැවැත් වේ
 

නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව උතුරු මැද නාවික රෝහල සහ කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය එක්ව සිදු කළ වෛද්‍ය සායනයක් කිලිනොච්චිය මුලංකාවිල් ප්‍රාථමික විද්‍යාලයේ දී පසු ගිය (10) ඉතා සාර්ථකව නිමා විය.

14 Dec 2016

නාවික හමුදාව විසින් හම්බන්තොට වරායෙන් වාහන 1,086 නැව්ගත කිරීමට සහය ලබා ‍දෙයි
 

පසු ගිය දෙසැම්බර් (7) දින හම්බන්තොට වරාය සේවකයින් විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයට අද වන විට දින 7 ක් සම්පුර්ණ වේ.

13 Dec 2016

උතුරු නාවික විධානය ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කෙරේ
 

උතුරු විධාන නාවික රෝහල සහ යාපනය මහ රෝහලේ රුධිර බැංකුව එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ විශේෂ කඳවුරක් පෙරේදා (10) පවත්වන ලදි.

12 Dec 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

11 Dec 2016

නාවික හමුදාව විසින් හම්බන්තොට වරායේ හටගත් හදිසි තත්ත්වය පාලනය ‍කෙරේ
 

වරාය සේවකයින් විසින් අද (10) හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිදු කල විරෝධතා ව්‍යාපාරය ඉතා කඩිනමින් ව්‍යාර්ථ කිරීමට නාවික හමුදාව සමත් වන ලදි.

11 Dec 2016

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 66 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය 2016 දෙසැම්බර් මස 9 වන දින අදට යෙදී ඇත.

09 Dec 2016

නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය කොළඹ දී පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල්හි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය 6 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

08 Dec 2016

නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (6) උතුරු නාවික විධානයේ චාරිකාවාරයක නිරත වූ අතර, නව විවෘත කිරීම් කිහිපයක් එතුමන් අතින් සිදු කෙරිණි.

07 Dec 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් සහ තහනම් කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ ලාංකික ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Dec 2016

“නුදුරේදී ඇතිවිය හැකි සාගරික තර්ජනයන්වලට මුහුණ දීමට අද සිටම සූදානම් වීම අත්‍යාවශ්‍ය වේ” ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දේශණයක් පවත්වමින් නාවික හමුදාධිපතිතුමා අවධාරණය කරයි
 

නුදුරේදී ඇතිවිය හැකි සාගරික තර්ජනයන්වලට මුහුණ දීමට අද සිටම සූදානම් වීම අත්‍යාවශ්‍ය බව අද (6) සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 10 වන පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ දේශණයකට එක් වෙමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පැවසීය.

06 Dec 2016