නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

23 Dec 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයින් 2 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අයත්, පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) පුත්තලම පොලීසිය එක්ව සිදු කරන ලද වැටලීමකදී පාලවි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

23 Dec 2016

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහනට වසරක් සපිරේ
 

පසුගිය සමයේ අමිල සේවාවක් සිදු කළ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයට වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපදෙස් මත කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජිය ගැටළු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර‍ ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදි.

22 Dec 2016

තවත් නෞකාවන් දෙකක් හම්බන්තොට වරායට
 

පසුගිය දෙසැම්බර් 10 වන දා සිට 21 වන දින දක්වා හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකා 11 කට සිය මෙහෙයුම් කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා එහි ස්ථානගත කර සිටින නාවික පුද්ගලයන් විසින් මහත් සහයෝගයක් ලබා දෙමින් සිටී.

22 Dec 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ සහ නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

21 Dec 2016

හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකා 9 කට නාවික හමුදාවේ සහායේ
 

පසුගිය දෙසැම්බර් 10 වන දා සිට 20 වන දින දක්වා හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකාවන්ගේ මෙහෙයුම් කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා එහි ස්ථානගත කර සිටින නාවික පුද්ගලයන් විසින් මහත් සහයෝගයක් ලබා දෙමින් සිටී.

21 Dec 2016

ජාතික රුවල් ඔරු තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 2016 ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය 17 සහ 18 යන දෙදින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වූ අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම සමත් විය.

21 Dec 2016

අනතුරට පත් ධීවරයින් 6 දෙනෙකු ‍බේරා ගැනේ

ධීවර කටයුතු සඳහා තංගල්ල ධීවර වරායෙන් පිටත් වූ “ඉෂානි 1” නමැති බහු දින ධීවර යාත්‍රාව අද (21) උදෑසන වෙළඳ නෞකාවක ගැටී අනතුරකට පත්වී තිබූ අතර, එහි සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

21 Dec 2016

ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ ඉදිකළ මහල් 8 කින් යුත් නව නිලධාරී නිවස්නය විවෘත කෙරේ.

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන‍යේ අභිනවයෙන් ඉදි කරන ලද මහල් 8 කින් යුත් නව නිලධාරී නිවස්නය, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා‍ගේ ආරාධනයෙන්, ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතින් ඊයේ (20) විවෘත කෙරිණි.

21 Dec 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තලෙයිමන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (21) අළුයම අත්අඩංගුවට ගන්නා ලදී.

21 Dec 2016