කඩොලාන පරිසර පද්ධතිය සහ වෙරළ තීරයන් රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කඩොලාන පැල සිටුවීමේ වැඩසටහනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 ජූලි මස 25 සහ 26 යන දිනයනහි උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.
27 Jul 2020
ශ්‍රීලංනානෞ ‘ජගතා’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජගතා’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ 2020ජූලි 25 වන දින වැඩ භාර ගන්නා ලදී.
27 Jul 2020
මිරිසවැටිය වැඳපුදා ගනිමින් අභිනව නාවික හමුදාධිපතිතුමන් ඉදිරි වැඩකටයුතු සඳහා ආශිර්වාද ලබා ගනී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර මිරිසවැටිය චෛත්‍ය වැඳ ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවී විය.
25 Jul 2020
අභිනව නාවික හමුදාධිපතිතුමන් රුවන්වැලි මහා සෑ රදුන් වැඳ ආශිර්වාද ලබා ගනී.

24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදා ගන්නා ලදි.
25 Jul 2020
නාවික හමුදාධිපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
25 Jul 2020
නාවික හමුදාව විසින් ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අම්පාර දිසිත්‍රික්කයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම 2020 ජූලි 24 වන දින සිදු කරන ලදි.
25 Jul 2020
අභිනව නාවික හමුදාධිපති නිශාන්ත උළුගේතැන්න වෙත ඉන්දීය නාවික හමුදාධිපතිගේ සුභ පැතුම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත්වීම නිමිත්තෙන් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං විසින් අද (2020 ජූලි 24) දුරකථන පණිවිඩයක් මගින් ඔහුගේ සුභපැතුම් නාවික හමුදාධිපති වෙත පිරිනමන ලදි.
24 Jul 2020
හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට නාවික හමුදාධිපති තුමන් සහභාගී වේ.

හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අද (2020 ජූලි 23) ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පවත් වන ලද අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න සහභාගී වන ලදි.
23 Jul 2020
නාවික හමුදාධිපති තුමන් මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
23 Jul 2020
නව නාවික හමුදාධිපති තුමන් මල්වතු පාර්ශවයේ මහානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර, මල්වතු මහා විහාරයේදී මහ නායක මාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියද සහභාගී විය.
23 Jul 2020