ඉන්දුනීසියානු නාවික නෞකා ක්‍රී බන්ග් ටෝමෝ කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ක්‍රී බන්ග් ටෝමෝ නෞකාව අද (ඔක්තෝබර් 19) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
19 Oct 2017
‘හරිත රටක් පිරිසිදු පරිසරයක්’ යටතේ නාවිකයන් උතුරු සහ නැගෙනහිර මුහුදේ කොරල්පර නැවත වගා කරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යංශයේ ‘හරිත රටක් පිරිසිදු පරිසරයක්’ යන දැක්ම පෙරදැරිව, ශ්‍රී ලංකා වන ජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරයේ පූර්ණ මෙහෙයවීම යටතේ උතුර සහ නැගෙනහිර නාවික විධානයන්ට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවික පුද්ගලයින් විසින් ත්‍රිකුණාමලය කොරල් කෝව් සහ යාපනය චාට් වෙරළ තීරයේදී කොරල්පර නැවත වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
17 Oct 2017
දක්ෂිණ නාවික පෙරපාසලේ දීපවාලී උත්සවයක් පැවැත්වෙයි

හෙට (ඔක්තෝබර් 18) දිනට යෙදී තිබෙන දීපවාලී උත්සවයට සමගාමීව ගාල්ල දක්ෂිණ නාවික පෙර පාසලේ දරු දැරියන් විසින් අද දින අලංකාරවත් දීපවාලී උත්සවයක් සංවිධානය කර තිබිණි.
17 Oct 2017
සරණංකරාභිමානී 2017 ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

බිංගිරිය, ශ්‍රී සරණංකර ජාතික පාසලට වසර 85 ක් සපිරීම නිමිති කර ගනිමින් එම විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වෙන සරණංකරාභිමානී 2017 අධ්‍යාපනික, වෙළඳ ප්‍රදර්ශණය සහ සැණකෙළියේ නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් ස්ථාපිත කොට ඇත.
17 Oct 2017
නීති විරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයින් 14 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

පසුගිය දිනයන්හිදී, නීති විරෝධී ක්‍රියාවන් වල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. විවිධ ප්‍රදේශයන් වලදී අත්අඩංගුවට ගත් එම පුද්ගලයින් නීති විරෝධී ලෙස දැව ලඟ තබා ගැනීම, කෙරළ ගංජා ප්‍රවාහනය කිරීම සහ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම යනාදී හේතූන් මත මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.
16 Oct 2017
මත් ද්‍රව්‍ය මැඩලීමේ නාවික හමුදා සමාජ මෙහෙවර

මතින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමඟ අත්වැල් බැද ගනිමින් නාවික හමුදාව නීති විරෝධී මත් ද්‍රව්‍ය වැටලීමේ මහත් සමාජ මෙහෙවරක් ඉටු කරමින් සිටියි.
14 Oct 2017
නිශ්කාෂණ කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ලද නාවික නිලධාරීන් 8 දෙනෙකු විසිර යයි.

ඉතා අසීරු කිමිදුම් පාඨමාලාවක් වන නිශ්කාෂණ කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ නාවික නිලධාරීන් 8 දෙනෙකු ඊයේ (ඔක්තෝබර් 13) විසිර යන ලදී.
14 Oct 2017
මෙරට අත්අඩංගුවේ පසු වූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි ඉන්දියාවට.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත් වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊයේ (ඔක්තෝබර් 13) සිදු කෙරිණි.
14 Oct 2017
උතුරේ කඨින පිංකම් 2 ක් නාවික හමුදාවේ මූලිකත්වයෙන්

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් පසුගිය දිනයන්හිදී කඨින පිංකම් 2 ක් පවත්වන ලදී.
14 Oct 2017
කොමාණ්ඩර් ජනිත බුද්ධික ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජනිත බුද්ධික මහතා ඊයේ (ඔක්තෝබර් 13) වැඩ භාර ගන්නා ලදී.
14 Oct 2017