ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමු වෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා අද (මාර්තු 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමු විය.
06 Mar 2018
කොමාණ්ඩර් අබේවර්ධන බණ්ඩාර ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (ජලමානක) අබේවර්ධන බණ්ඩාර මහතා අද (මාර්තු 06) වැඩ භාර ගන්නා ලදී.
06 Mar 2018
නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (මාර්තු 05) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.
06 Mar 2018
නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
05 Mar 2018
ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ 33 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ 33 වන සංවත්සර දිනය පසුගිය මාර්තු මස 01 වන වන දිනට යෙදී තිබූණි.
05 Mar 2018
කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (මාර්තු 04) කන්කසන්තුරේ, මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
05 Mar 2018
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය පසුගිය මාර්තු 03 වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
05 Mar 2018
නාවික හමුදාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 404 ක් සොයා ගැනේ

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (මාර්තු 03) මීගමුව සහ නවච්චෝලේ යන ප්‍රදේශයන්හිදී සිදු කළ සෝදිසි කිරීම්වලදි දළ වශයෙන් කෝටි 4 කට වඩා වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝග්‍රෑම් 404 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
04 Mar 2018
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය 2018 අද (මාර්තු 03) දික්ඕවිට වරාය පරිශ්‍රයෙන් ආරම්භ කර උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයෙන් නිමාවන ලදී.
03 Mar 2018
නාවික හමුදාව අනතුරට පත් ධිවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි

බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වික්ටෝරියා 4” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අනතුරකට ලක්විම හේතුවෙන් ඊයේ (මාර්තු 02) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
03 Mar 2018